Wednesday, October 27, 2010 | By: බෝඩිංKaraya

අවලංගු කාසි...!


මගේ යාලුවේ,

අපි නැවතිලා ඉන්න මේ බෝඩිමේ සරණ ජීවිත ගැන ඔයා
පොඩ්ඩක් හිතල බැලුවද? සතුටු වෙන්න, මොකද ඔබටත් මටත් මේ ලැබුන ජීවිතේ යම් දෙයක් කරගන්න පුලුවන් නේද?ඒත් ඔබ ඇස් ඇරල බැලුවනම් මේ දේ දැක්කද?

යන්නනට තැනක් නැත
පිහිටට කෙනෙක් නැත
වියලුන කතරක සේයාවකි
අසරණ ඒ වත....
මවි කිරට ණය නැත
පියෙකු ලොව දැක නැත
කුස ගිණි නොදැනුනේ
වැස්සට නොතෙමුනේ
ම්වි කුස රැදි කල පමනි
තුන් කලම අදුරුය
මේ, පුතෙකු නම් සොරෙකු විය
දුවක නම් මිලක් ඇත
අනේ මගේ නංගියේ මල්ලියේ
වීදි සරණ නුඹලා කාට, කවදා
වලංගු ජීවිත වේද?

වටහා ගන්න මේ අපේ බෝඩිමේම තවත් පැතිකඩක් බව...

Friday, October 22, 2010 | By: බෝඩිංKaraya

මිතු දමෙන් මහ මගට


ජීවිතේ සැලකිය යුතු කාලයක් බෝඩිමේ ගතකල මට
සෑම කාලය තුලම යාලුවෝ,
නෑ මම මෙහෙම කියන්නම් මගේ සෙට් එක තමයි මගේ හැම දේම...

ඒත්,
වැල පැටලුන ගැටලු තුලින් සිනාසී
ජීවිතය දකින්නට
තනිවූ විටක මට
සහෝදර සබැදියාව දෙන්නට
සිටියේ උඔයි මගේ යාලුවේ...
එදා මම උඔ තුලින්
මගේ ලෝකය දැක්කා
එදා මට කප්‍ රුක
අරුමයක් වුනේ නැහැ
අද උඔ නෑ...
හිත කියන මිරිගු බදුන
අද හිස් වෙලා
හිස් බදුන අත දරාන
මං මහ මග තනිවෙලා


යාලුවේ,
බෝඩිං ජීවිතේ තාවකාලික බවද,
උඔ මට පසක් කලේ?