Wednesday, October 27, 2010 | By: බෝඩිංKaraya

අවලංගු කාසි...!


මගේ යාලුවේ,

අපි නැවතිලා ඉන්න මේ බෝඩිමේ සරණ ජීවිත ගැන ඔයා
පොඩ්ඩක් හිතල බැලුවද? සතුටු වෙන්න, මොකද ඔබටත් මටත් මේ ලැබුන ජීවිතේ යම් දෙයක් කරගන්න පුලුවන් නේද?ඒත් ඔබ ඇස් ඇරල බැලුවනම් මේ දේ දැක්කද?

යන්නනට තැනක් නැත
පිහිටට කෙනෙක් නැත
වියලුන කතරක සේයාවකි
අසරණ ඒ වත....
මවි කිරට ණය නැත
පියෙකු ලොව දැක නැත
කුස ගිණි නොදැනුනේ
වැස්සට නොතෙමුනේ
ම්වි කුස රැදි කල පමනි
තුන් කලම අදුරුය
මේ, පුතෙකු නම් සොරෙකු විය
දුවක නම් මිලක් ඇත
අනේ මගේ නංගියේ මල්ලියේ
වීදි සරණ නුඹලා කාට, කවදා
වලංගු ජීවිත වේද?

වටහා ගන්න මේ අපේ බෝඩිමේම තවත් පැතිකඩක් බව...

14 කියන කතා...:

බෝඩිංKaraya said...

ඔන්න ඉතිං බෝඩිමට ගොඩ වෙන මගේ ආදරණීය සහෝදර සහොදරියන්ට අලුත් අදහසක් අරන් ආව. කියවල බලල අදහසක් දෙනවනම් මේ ආගන්තුක බෝඩිංKaraya ට ලොකු හයියක් වෙයි..

හිස් අහස said...

ලස්සනයි බෝඩිංකාරයා

අපි හිතාගෙන හිටියට අපි හැමදාම මෙහේ ඉන්න්න ආවා කියලා ඒක එහෙම නෙවේ අපි ඉන්නේ බෝඩිමක කවදා හෝ අපිට යන්නම වෙනවා !

එතෙක් අපි හැමෝටම

ජයවේවා !!

බෝඩිංKaraya said...

විඩාබර සිතට සැනසිල්ලක් විය බෝඩින්කාරයගෙ ලියමන

පබලු said...

කෙළවරක් නැති සසරේ....
අතරමග....
වීදිය නවාතැන කරගත්...
මිනිස්සු ......
~ලස්සනට ලියල තියනවා බොඩිංකාරයා~

බෝඩිංKaraya said...

@හිස් අහස : ඇත්ත අපි හිතාගෙන ඉන්න ලෝකයම නෙමයි යථාර්තය. ඉතිං බොහෝම ස්තූතියි නවක බෝඩිංKaraya ට ශක්තියක් වීම ගැන.

@පබලු : ඹොහෝම ස්තූති පබලු සහෝදරී ඔයාගෙ අදහසට.
කෙළවරක් නැති සසරේ...
අතරමං නොවී ඉන්නට
අප ලැබූ ජීවිතේ
අරුත වටහා ගමු...

Anonymous said...

බෝඩිමට ඔන්න මාත් ගොඩ වැදුන. ඒත් බෝඩිමේ ඉන්න හිතක් නැහැ.අගු පිල වුනත් ගෙදර තමයි රජ සැප... ගෙදර වුනත් ඒත් සංසාඒ එක බෝඩිමක් විතරයි කියල මේ ආගන්තුක බෝඩිංකාරයා මට කියල දෙනවා...

ඉතින් ‍බෝඩිමේ නවතින්න නාවට , හැමදාම ඇවිල්ල යන්න එන්නම්කො... ඔන්න මම තමයි 9 වෙනි Follower ...

ආහ්... කමෙන්ටු කරන තැන සොයා ගන්න ටිකක් විතර වෙලා ගියා. පුලුවන් නම් කමෙන්ටු ලියන තැන ටිකක් හයිලයිට් කරමු ද?

sahan ළියනගෙරත්ගමයා said...

අලෝ...බෝඩිමේ ඉඩ තියෙනවදෝ........මේ පැත්තේ ආවට කාරි නැද්දෝ...දිගටම ලියපියෝ...අපි බෝඩිමට නිතරම එනෝ

බෝඩිංKaraya said...

@ wath : බොහෝම ස්තූතියි සහෝදරී ඔයාගෙ අදහස් වලට. කීවෙනියට අවත් හැමදාම ඉන්න යලුවන් තමයි නේද වැදගත්. ඉතිං මාත් ඔය සොදුරු සිතට එබිල බලනව.

@ ර ත් ග ම යා : ඔව් ඉන්නවෝ.. මගේ බෝඩිමේ ඉඩ තියනව සහෝදරයා... හැබැයි අය කිරීමක් නැහැ හොදේ...තහනම් නීති නැහැ... අනිව අනිවා.. හැමදාම එන්න. මම ලියනවා...

ජය වේවා..

හිරු ප්‍රභා said...

රත්නපුරෙ බෝඩින්කරයෙක්නම් මමත් දන්නව ඇති. විස්තර කිවොත් අදුනගන්ඩ, ගියපු පාසලයි, උපන් අවුරුද්දයි හොදටෝම ඇති.මමත් රත්නපුරේ බාලිකාවට ගිය ලමයෙක් නොවැ.

බෝඩිංKaraya said...

@ හිරු ප්‍රභා : රත්නපුරේ හිටියට ලමයො මම ඉස්කෝලෙ ගියේ නාලන්දෙට.. ඉතිං අපි දැන් අදුරගමු.

Unknown said...

හැමෝම නොහිතපු පැත්තක් හිතපු එක ගොඩක් හොදයි බෝඩිංකාරයා.ජය වේවා!

Naදී said...

මේ බෝඩිං කාරයා අපේ පැත්තට ටිකක් ආසන්නයේ නොවැ ඉන්නේ. හොඳා හොඳා. වැඩේ නියමයි. දිගටම ලියමු නන්ස්ටොප්.

Hasitha Gunasinghe said...

අමුතු විදිහේ කවියක්. ඔහොම යන් ඔහොම යන් :)

Anonymous said...

aluthin liyanne neddaaaaaaaaaaaaaaaaaa

pabalu

Post a Comment